කුලී ගමනක් යන බව පවසා Pickme කුලී රථ සේවා ආයතන රථයකට නැග එහි රියදුරුගෙන් කොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා හමුවට පමුණු වූ ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.
අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවද අධිකරණයේ දී පොලීසිය පවසා සිටියා.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි.
මේ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 9 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තිබීමට නියම කළා.
එදින ඔහු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද නියම කර තිබෙනවා.








Leave a Reply