Loading...

ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් ධූරයෙන් ඉවත් වීමේ සුදානමක්?

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සහ හිටපු ජාතික ධාවන ශූර සුගත් තිලකරත්න මහතා විසින් පසුගිය 30 වනදා සමාජ මාධ්‍ය වෙත එක්කළ සටහනක් මේ වන විට සමාජයේ කතාබහට ලක්ව තිබෙනවා.

ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ එම සටහනේ සඳහන්ව තිබුණේ “සමහර තනතුරු ලැබෙන්නේ තිබුණු දේත් නැතිවෙලා යන්න” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ බිහිවූ දක්ෂතම ධාවන ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන සුගත් තිලකරත්න මහතා 2024 මහ මැතිවරණයෙන් පසු පළමු වරට පාර්ලිමේන්තුවෙන් දේශපාලනයට පිවිසියා.

ඉන් අනතුරුව ඔහු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමි වුණා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ ඔහු දේශපාලන කටයුතු සම්බන්ධව යම් කලකිරීමකින් පසුවන බවත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී විදේශගත වීමට සුදානම් වන බවත්ය.

කෙසේ වෙතත් එම කටකතාවලට අදාළව හෝ ඔහුගේ වර්ථමාන දේශපාලන තත්ත්වය සම්බන්ධව ඒ මහතා මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *