Loading...

ඊ පාස්පෝර්ට් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම අවලංගු කරයි

ඊ පාස්පෝර්ට් ව්‍යාපෘතියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ මෙම තීරණය ආගමන විගමන පාලක විසින් සියලු ලංසුකරුවන් වෙත දැනුම් දී ඇති බව සඳහන්.

කැබිනට් මණ්ඩල තීන්දුවක් අනුව මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමට පියවර ගත් බව සියලු පාර්ශ්ව වෙත දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

මෙරට රජය ඊ පාස්පෝර්ට් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ජාත්‍යන්තර ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති බව පෝලන්ත රජය යුරෝපා සංගමයට පැමිණිලි කර ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් ඊ පාස්පෝර්ට් සඳහා ටෙන්ඩරය නැවත කැඳවන දිනය සම්බන්ධව මෙතෙක් දැනුම් දීමක් කර නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *