ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුවත් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්ද, සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 20කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගනු ලැබුවා.
මේ අතර ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජූලි මස දී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙය ක්‍රියාත්මක කළ යුතු බවයි.






Leave a Reply