සියලු ඉන්ධන වර්ගවල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල ගණන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.
එහි නව මිල රුපියල් 407කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 478කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 495කි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434කි.
මේ අතර ලංකා භූමිතෙල් මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 285ක් වනු ඇති.







Leave a Reply