Loading...

කළුතර ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමුවෙයි

කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තෙබුවන නෑබඩ ප්‍රදේශයේ දී අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ තෙබුවන, නෑබඩ තැපැල් කාර්යාලය අසල තිබී එම මෝටර් රථය සොයාගත් බවයි.

අද (28) උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *