Loading...

IMF වාරික දෙක ගැන අවසන් තීන්දුව අද

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වන සහ හයවන සමාලෝචන ඇගයීමට ලක් කිරීම අද (27) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වනවා.

එම අරමුදල පැවසුවේ මේ යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ මුල්‍ය ආධාරයක් ලබා ගැනීමට ප්‍රවේශය සැලසෙන බවයි.

මෙම සමාලෝචන සඳහා අනුමැතිය ලැබීමට අවධානය ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කරමින් පිරිවැය ආවරණය කෙරෙන විදුලිය සහ ඉන්ධන මිල ප්‍රතිස්ථාපනය කිරීම තීරණාත්මක ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය මීට පෙර සඳහන් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *