Loading...

ඉන්ධන මිල සහ ඉන්ධන සංචිත ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් පැහැදිළි කිරීමක්

ජුලි මස අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන සංචිත මේ වන විට මෙරට තුළ පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග පර්යන්ත සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ මේ මස 28 සහ 31 යන දිනවල තවත් බොරතෙල් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

කෙසේ නමුත් ඉදිරියේ දී ඉන්ධන මිල විශාල ඉහළ යාමක් අපේක්ෂා කළ නොහැකි බවත් මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

“ඉන්ධන මිල යන දාන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කිසිදු තීරණයක් අරන් නැහැ. ඒ වගේම ලංකාව තුළ ඉන්ධන හිඟයක් ඇති බවට ප්‍රචාරයක් යනවා. එහි කිසිදු සත්‍යතාවයක් නැහැ. මේ මාසයට අවශ්‍ය කරන සියලු තෙල් සහ හත්වෙනි මාසය අවසානය දක්වා තියෙන තෙල් තොග මේ වෙනකොට ඇවිල්ල තියෙන්නේ. මේ මාසයේ අපේක්ෂිත සියලුම නෞකා මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ මාසයේ 28 සහ 31 දිනවල තවත් බොර තෙල් නෞකා දෙකක් එන්න තියෙනවා. එම තෙල් පිරිපහදු කරගැනීමේ ලබාගන්නා ඉන්ධන තවදුරටත් ඉදිරි මාසයේදී ලබාදීමේ හැකියාව තියෙනවා.

අප්‍රේල් මාසයේදී ලෝක වෙළඳපොළේ ඩීසල් මිල ඉහළ ගියාට මේ වනවිට ඒ මිල ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. මේ මිල තවදුරටත් අඩුවෙයි කියලා අපි හිතනවා. ඒ නිසා අප්‍රේල් මාසයේදී ඉන්ධන වැඩි මිලට විකුණන් තිබුණ අවශ්‍යතාව මේ වෙද්දී අඩු වෙලා තියෙනවා. ඒ නිසා ජනතාවට මේ සම්බන්ධයෙන් කලබලවීමට අවශ්‍යතාවක් නැහැ. මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම වුණත්, කලින් බලාපොරොත්තු වුණා වගේ රුපියල් 700ක් දක්වා වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ තත්ත්වය මේ වෙද්දී පහව ගිහින් තියෙන්නේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *