Loading...

ඇමති පෝල්රාජ් සහ ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු කාර්යක්ෂම කිරීම උදෙසා අවස්ථානුකූලව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ලේකම්වරිය සහ අතිරේක ලේකම් (පාලන) වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

අමාත්‍යවරිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (25) අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

තවද ළමාරක්ෂණ ක්‍රියාවලිය තුළ නියාමන පාර්ශවය වන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සෙසු ආයතන සමඟ වන සම්බන්ධීකරණය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත ක්‍රියාත්මක කිරීමේ දී ස්වාධීනත්වය පවත්වා ගැනීම සම්බන්ධව ද අවධානය මෙහිදී යොමුව ඇත.

ක්ෂේත්‍රයේ කාලීන සිදුවීම් පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවා පුරප්පාඩු සපයා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *