අමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක් සිදුකළ සැකකරුවෙකුට එරට ආරක්ෂක විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ඊයේ (23) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව සඳහන්.
ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පසුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ රහස් ඔතුතු සේවා සහ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශය වටලා තිබෙනවා.
සිද්ධිය සමඟ ධවල මන්දිරය අවට මාර්ග තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුනා.
ඉන්පසුව පරිශ්‍රයේ ආරක්ෂාව උපරිම මට්ටමකින් තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.
මෙම වෙඩි හුවමාරුවේ දී අසල සිටි තවත් සිවිල් වැසියෙකු වෙඩි වැදී තුවාල ලබා ඇති බවද තොරතුරු වාර්තා වුණා.0
ආරක්ෂක අංශවල කිසිඳු නිලධාරියෙකුට හානියක් සිදුව නොමැත.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.







Leave a Reply