අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 28000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව වාර්තා වනවා.
ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසන්නේ ආපදාවෙන් පවුල් 7482කට අයත් පුද්ගලයින් 28933ක් බලපෑමට ලක්ව ඇති බවයි.
පවතින ආපදා තත්ත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇති අතර එහිදී පවුල් 3950කට අයත් පුද්ගලයින් 15313ක් පීඩාවට ලක්ව ඇති අතර එක් මරණයක් වාර්තා වී තිබෙනවා.
මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1,219කට අයත් පුද්ගලයින් 4,265ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,051කට අයත් පුද්ගලයින් 4,566ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,204කට අයත් පුද්ගලයින් 4,558ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 34කට අයත් පුද්ගලයින් 141ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 20කට අයත් පුද්ගලයින් 80ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 09කට අයත් පුද්ගලයින් 7ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයේ එක් පවුලකට අයත් පුද්ගලයින් 03ක්ද කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්ව ඇති බව සඳහන්.
ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 2ක් සහ අර්ධ නිවාස හානි 836ක් ද වාර්තා වී ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 2ක් සහ අර්ධ නිවාස හානි 836ක් වාර්තා වී ඇති බවයි.
ඉන් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
එම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 2ක් සහ අර්ධ නිවාස හානි 530ක් වාර්තා වී ඇති බව සඳහන්.







Leave a Reply