Loading...

නිරිතදිග මෝසම හේතුවෙන් එක් ආපදා මරණයක් වාර්තා වෙයි

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අවුරුදු 64ක පුද්ගලයෙකු ඊයේ (22) සැඩ පහරට හසුවී ගසාගෙන යෑමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

තවද පවතින මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1966කට අයත් පුද්ගලයින් 7757ක් පීඩාවට පත්ව ඇති බවද වාර්තා වනවා.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන් පුද්ගලයින් 201 දෙනෙක් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 6ක රඳවා සිටින බවයි.

කෙසේ වෙතත් මෙම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක ජනතාව මේ වන විට පීඩාවට පත්ව සිටින බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම නිවාස 123ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර පූර්ණ හානි සිදුව ඇති නිවාස ගණන 2ක් බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *