රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මුදා හැරීමටයි.
තවද උන්වහන්සේට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.
ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අදාළ සිදුවීමට මුහුණ පෑ වින්දිත දැරිය මේ වන විට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යටතේ පවතින ළමා නිවාසයක ආරක්‍ෂිතව රඳවා තබා ඇති බව අධිකරණයේ දී අනාවරණය වුණා.
බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාව මත අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන්පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු උන්වහන්සේ දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
සිද්ධිය සම්බන්ධව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලීසිය මඟින් පුළුල් විමර්ශන රැසක් සිදු කෙරුණා.
මෙහිදී විඳිත දැරිය ලබාදුන් සාක්ෂි සහ වෛද්‍ය වාර්තා පාදක කරගනිමින් නීතිපති දෙපාර්තමේන්තුව සෘජුවම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙනී සිටියා.
නඩු විභාගය ආරම්භයේ සිටම විඳිත දැරියගේ ආරක්ෂාව සහ මානසික සෞඛ්‍යය පිළිබඳව දැඩි අවධානයක් යොමු වුණා.
මේ අතරවින්දිත දැරියගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධිකරණ නියෝග මත ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යටතේ පවතින ආරක්‍ෂිත ළමා නිවාසයක ඇයව රඳවා තැබීමට පියවර ගැනුණා.






Leave a Reply