පවතින අධික වර්ෂාව හමුවේ හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවී තිබෙනවා.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක දිනේෂ් කොග්ගල මහතා පැවසුවේ මේ හේතුවෙන් එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු කරා යොමු කිරීමට පියවර ගත් බවයි.
තවද ඊයේ (21) රාත්‍රියේ සිට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂා තත්ත්වය හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
ඇතැම් මාර්ග සඳහා ගස් කඩා වැටීම් ද සිදුව ඇති බව සඳහන්.
මේ අතර වර්ෂා සහිත කාලගුණික සමඟ දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 6ක් අද (22) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුවන්වැල්ල ප්‍ර දේශයේ පාසල් 03ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් වසා දමා ඇති බව සඳහන්.
දෙහිඕවිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එල් හරිස්චන්ද්‍ර මහතා පවසන්නේ පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පවත්වාගෙන යාම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බවයි.






Leave a Reply