Loading...

ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වෙලා

ජාතික කලා භවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින්.

භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වසරේ දී ජාතික කලා භවනේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් පසුව මෙම අතුරුදහන් වීම සම්බන්ධව වාර්තා වී තිබෙනවා.

මේ අනුව තොග පොතෙහි සඳහන්ව තිබූ මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවද කලා භවනේ මේ වන විට සිතුවම් 239ක් පමණක් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *