නීතිවිරෝධී ලෙස ගවයින් ප්රවාහනය කළ ලොරි රථයකට හුංගම කට්ටකඩුව ප්රදේශයේ දී පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
පොලීසිය පවසන්නේ ලොරි රථයකින් නීති විරෝධී ලෙස ගවයින් ප්රවාහනය කරන බවට හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අද (20) උදෑසන කට්ටකඩුව ප්රදේශයේ දී බාධකයක් යොදා තිබූ බවයි.
කෙසේ වෙතත් අදාළ ලොරි රථය එම මාර්ග බාධකය නොතකා පළා ගොස් තිබෙනවා.
මේ අනුව පොලීසිය විසින් ලොරි රථය ලුහුබැදගොස් නවත්වා ගැනීමට උත්සාහ කළ ද නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඊට වෙඩි තබා නතර කර ඇති බව පොලීසිය පැවසුවා.
එහිදී ලොරි රථයේ සිටි සැකකරුවන් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.







Leave a Reply