Loading...

ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේ මෙවර සැමරුම් උත්සවය සඳහා පළමුවරට උතුර නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බවයි.

“පසුගිය වසරවල වගේම මේ වසරෙත් මැයි 19 වෙනිදාට බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ සැමරුම් උත්සවය පැවැත්වෙනවා.. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්.. ම‍ෙවර පැවැත්වෙන්නේ 17වෙනි සැමරුම් උත්සවය. සුවිශේෂී වෙනස්කම් කීපයක් අපි සිදු කරලා තියෙනවා.. වෙනදට වැඩියෙන් රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වය විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා.. උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අපිත් එක්ක යුද්ධයේදී ත්‍රිවිධ හමුදාවට එක්වෙලා යුද වැදිලා මේ රටේ නිදහස ස්ථාපනය කරන්නට කැපවෙච්ච උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් සමූහයක් ඉන්නවා. අපි බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාවය අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි විශේෂ අවස්ථාවක් මේ සැරේ උදා කරලා දීලා තියෙනවා උතුරු නැගෙනහිර දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් මේ උත්සවයට සහභාගි කරවා ගැනීමට. 30ක විතර ප්‍රමාණයකට අපි ඇරයුම් කරලා තියෙනවා, ඔවුන්ගේ සහභාගිත්වය සනාථ කරලා තියෙනවා. ඒ අනුව සුවිශේෂී අවස්ථාවක් හැටියට අතිගරු ජනාධිපතිතුමන් එක්ක තමන්ගේ මියගිය ඥාතියා වෙනුවෙන් ජාතියේ ගෞරවයට එකතු වෙලා තමන්ගේ ගෞරවය පුද කිරීමේ අවස්ථාව අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *