Loading...

අගමැතිවරියගේ පොරොන්දුව මත අන්තරේ මල්වානෙන් ඉවතට

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවාස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් භාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය සමඟ අද (18) අගමැති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සිසිඳු පෙරේරා මහතා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පැවැති සාකච්ඡාවේ දී හැකි ඉක්මණින් මෙම ඉඩම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කළ බැවින් මෙම මොහොතේ එම පරිශ්‍රයෙන් ඉවත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවත්ය.

“අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වෙලා තියෙනවා මල්වානේ ඉඩම ඉදිරියේදී හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවට පවරන්න. අපි ඉල්ලපු දේට ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රතිචාරයත් එක්ක අපි මල්වානේ ඉඩමෙන් මේ මොහොතේ ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *