මෙරට දශක 3කට අධික කාලයක් මෙරට පැවැති කුරිරු LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර අද (18) වසර 17ක් සපිරෙනවා.
LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාරකරන් 2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීම සමඟ එතෙක් පැවැති කුරිරු යුද්ධය නිමාවට පත්වුණා.
1975 වසරේ ජුලි 27 වනදා යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් LTTE ත්‍රස්තවාදය ඒකීය ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ මුලික පියවර තබනු ලැබුවා.
කටුනායක ගුවන්තොටුපොළ, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි මෙරට ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් රට අර්බුධකාරී තත්ත්වයට පත් කිරීමට ත්‍රස්තවාදීන් උත්සාහ ගනු ලැබුවා.
ඊට අමතරව ජය ශ්‍රී මහබෝධිය, මෙරට බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගාවට ද ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළා.
2006 ජුලි 21 වනදා නැගෙනහිර ගොවි ජනතාවගේ වගාවන් සඳහා ජලය රැගෙන ආ ප්‍රධාන ජල මාර්ගය වූ මාවිල්ආරු සොරොව්ව වසා දැමීම සමඟ ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡත්වය තවදුරටත් තහවුරු කළා.
මේ අනුව විරෝධාර රණවිරුවන් සේනාංක 8ක් මාර්ග 8ක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.
ඒ අතරවාරයේ LTTE ත්‍රස්තවාදීන් විසින් එම ප්‍රදේශවල ජීවිත් වූ අහිංසක ජනතාව ප්‍රාණ ඇපයට ගෙන සටන් කිරීමට කටයුතු කළා.
මේ අනුව යුද්ධයට අමතරව ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම් ද ආරම්භ කරමින් රණවිරුවන් ඉදිරියට යාම ආරම්භ කළා.
මෙරට රණවිරුවන් සියලු අභියෝග ජයගනිමින් නන්දිකඩාල් කලපුවේ දී 2009 මැයි 18 වනදා LTTE නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීම සමඟ දශක 3කට අධික කාලයක් පැවැති කුරිරු යුද්ධය නිමාවට පත්වුණා.







Leave a Reply