Loading...

අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙක් අත්අඩංගුවට

අද (16) උදෑසන දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ පොලීසිය මඟින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අදාළ පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවද පොලීසිය පවසනවා.

මෙම සැකකරු දුම්රිය මාර්ගයේ ගලවන ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සැකපිට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *