Loading...

හිරුනිකා ඇතුළු දෙදෙනෙක්ට වරෙන්තු

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ඊයේ (15) වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

ඇප මත සිටියදී නඩු විභාගයක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කෙරුණා.

මේ අනුව ඇපකරුවන්ට නොතීසි හා සිතාසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති තිබෙනවා.

මෙම වරෙන්තු නිකුත් කර ඇත්තේ 2022 වසරේදී ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසල උද්ඝෝෂණයේ නිරත විම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *