Loading...

වනවාසල දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල

වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් අද (16) උදෑසන පීලි ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලුයම 3.25 ට පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රිය අද උදෑසන 5.20 ට වනවාසල හා කැළණිය අතර පීලි පැනීමට ලක්ව ඇති බවයි.

අනතුරෙන් දුම්රියේ ගමන් ගත් පුද්ගලයින් 12 දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *