Loading...

ඩොලරයේ විකුණුම් මිල තවත් ඉහළට

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331 ඉක්මවා ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53 ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල ලෙස රුපියල් 331.15ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වනවා.

2023 වසරේ දෙසැම්බර් මස 5 වනදා දිනෙන් පසු ඩොලරයක මිල ගැනුම් මිල 323ක් සහ විකුණුම් මිල 331ක් ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙසද සටහන් වේ.

2023 වසරේ දෙසැම්බර් 5 වනදා ඩොලරයේ ගැනුම් මිල රුපියල් 323ක් ලෙස වාර්තා වූ අතර එහි විකුණුම් මිල 333.20ක් ලෙස සටහන් වී තිබුණා.

මේ අනුව 2023 දෙසැම්බර් මස 5 වනදායින් පසු වසර දෙකකට පසු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළම අගයක් වාර්තා කළ පළමු දිනය ලෙස අද (15) දින සටහන්ව ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *