Loading...

ඩොලරයේ විකුණුම් මිල සීඝ්‍රයෙන් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) දින නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.92ක් ලෙස සටහන්ව තිබෙනවා.

2023 වසරේ දෙසැම්බර් 27 වනදායින් පසු මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම රුපියල් අගය මෙය වනවා.

එදින ඩොලරයේ විකුණුම් මිල වාර්තා වූයේ රුපියල් 330.38ක් ලෙසයි.

වෙළෙඳපොළ විශේෂඥයින් පෙන්වා දෙන්නේ ගෙවී ගිය මාස කිහිපය පුරා සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවැති ඩොලරයේ අගය මෙලෙස ඉහළ යාම වෙළෙඳපොළ තුළ විශේෂ අවධානයට ලක්ව ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *