Loading...

හැකර්වරුන් ගැන මහ බැංකු අධිපති පළමු වරට මාධ්‍ය හමුවේ කියූ දේ

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධියෙන් පසුව නැවත එවැනි සිදුවීමක් සිදුනොවීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමීපව කටයුතු කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (13) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“මේ සිද්ධියෙන් පස්සේ මුදල් අමාත්‍යාංශය එකක් ළඟින් කටයුතු කරනවා. කොහොමඳ මේ ක්‍රමටය ශක්තිමත් කරන්න පුළුවන්, අපේ තියෙන පලපුරුද්ද දැණුම පාවිව්චිකරලා මෙවැනි දෙයක් ඉදිරියට නොවීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”

ප්‍රශ්නය – මහ බැංකුව කොහෙදී හරි Cross check වගකීමක් එනවද ?

“නැහැ. සරල උදාහරණයක් තමයි මගේ බැංකු ගිණුමෙන් අහවලාගේ ගිණුමට ගෙවන්න කියලා බැංකුවට නියෝගයක් දෙනකොට බැංකුවට තියෙන එකම දේ තමයි ගිණුම් අංකය හරිනම්, පද්ධතිය හරහා ගෙවීම් සිදුවෙනවා නම්. ගෙවීම් කරන එක. එතනින් එහාට බැංකුවට අයිති නැහැ උපදෙස් වෙනස් කරන්න. අපිත් බංකුකරු විදිහට අපිට දීලා තියෙන උපදෙස් වෙනස් කිරීමට අයිතියක් නැහැ. ගෙවීම කරාට පස්සේ ගෙවීම සිදුවෙනවා. එතකොට අනිත්පැත්තේන් ගෙවීම වුණාද නැද්ද කියන එක Statement බලන එක අපිට හැකියාවක් නැහැ. ඒක තියෙන්නේ ඔසේට්‍රේලියාවේ අදාළ ආයතනයටනම් ඒ Statement ලැබෙන්නේ ඕනේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *