Loading...

දෙණියාය නගරයට හා පාසල්වලට ජලය සපයන ජල මූලාශ්‍ර අනාරක්ෂිතයි

දෙනියාය නගරයට සහ පාසල්වලට ජලය සපයන ජල මුලාශ්‍ර අනාරක්ෂිත බවට තොරතුරු වාර්තා වනවා.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ජී.එස්. පණ්ඩිතරත්න මහතා පවසන්නේ පැතිර යන රෝගී තත්ත්වය සම්බන්ධ විමර්ශනයට යොමුකළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සිය වාර්තාව මඟින් ඒ පිළිබඳව අනාවරණය කර ඇති බවයි.

මේ අනුව අදාළ ජල මුලාශ්‍ර ක්ලෝරීනීකරණය කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.

ඔහු සඳහන් කළේ පැතිර යන වෛරස් උණ රෝගය වැළඳුනු රෝගීන් 50 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

රෝගීන්ගේ ජෛව සාම්පල් යොමුකර කරාපිටිය රෝහලේ සිදුකළ පර්යේෂණවලට අනුව එය මිනිස් සිරුරේ ආහාර මාර්ගය ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන වෛරස් කාණ්ඩයක් බවට හෙළිව තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ මුලික මතය වී ඇත්තේ අපිරිසිදු ජලය හෝ ආහාර මඟින් වෛරසයට ශරීරයට ඇතුළු විය හැකි බවයි.

මේ අතර එම වෛරස් රෝගය හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 4කට අද (11) හා හෙට (12) නිවාඩු ලබාදී තිබෙනවා.

මනා සෞඛ්‍ය තත්ත්වයක් සහ පිරිසිදුකම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කරමින් පාසල් උපකරණ පවිත්‍රකරණයට ලක් කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව දෙනියාය ජාතික පාසල, දෙනියාය ශාන්ත මැතිව් පාසල, දෙනියාය රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ ප්‍රාථමික අංශයේ සිසුන්ට එලෙස නිවාඩු ලබාදී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *