Loading...

දිස්ත්‍රික්ක 5කට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ අද (11) රාත්‍රී 9 දක්වා අදාළ නිවේදනය බලාත්මක බවයි.

මේ අනුව දුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කුරුණැගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කොරලේ, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර‍, වැල්ලවාය, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

අදියර 1 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවද එම සංවිධානය වැඩිදුරටත් පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *