Loading...

විදුලි බිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක් – විපක්ෂ නායක

රජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය බාල ගල් අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් පළ කළා.

ඒ මහතා කියා සිටියේ මෙම ගල් අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින් පිට පැටවීම සිදු නොකරන ලෙසට ඉල්ලා සිටියද මහජන උපයෝගීතා කොමිසම සහ රජය 18%කින් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බවයි.

“සරළව කතා කළොත් ඉහළ මධ්‍යම පන්තියත්, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවත්, කර්මාන්තකරුවනුත්, ව්‍යවසායකයනුත් අද මේ විදුලි බිල වැඩිවීමට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ 18% විදුලි බිල වැඩිවීම අපි දකින්නේ රජය ගත්තු කප්පමක් හැටියට. 18%කින් විදුලි බිල වැඩිකරලා රජය කප්පම් ගන්නේ රටේ ඉහළ මධ්‍යම පන්තියෙන්, කර්මාන්තකරුවන්ගෙන්, ව්‍යවසායකයින්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන්. කුමක් සඳහාද ? බාල ගල්අඟුරු ව්‍යාපෘතියේ ඒ අලාභය මගහරවාගන්න. බාල ගල්අඟුරු ගේනවායි කියලා මුළ ඉඳලාම කිව්වා. මුළ ඉඳලාම රජය කිව්වා එහෙම දෙයක් නෑ කියලා. ඊට පස්සේ කියනවා ගල්අඟුරු නම් බාලයි හැබැයි වංචාවක් දූෂණයක් නෑ කියලා. අපි පැහැදිව කියනවා බාල ගල්අඟුරු ගෙන්වීම තුළ, ඉන්ධන විදුලි ජනනය වෙත යොමුවන්නට රජයට සිදුවුණා. ඒකෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය වැඩිවුණා. ඒ නිසාම මේ පිරිවැය වැඩිවීමත් බාල ගල්අඟුරු වංචාවේ වන්දිය ගෙවන්නත් අද සිදුවෙලා තිබෙන්නේ ඒකක 180ට වැඩියෙන් පරිභෝජනය කරන අපේ රටේ ඉහළ මධ්‍යම පන්තියටත්, ව්‍යාපාරිකයින්ටත්, කර්මාන්තකරුවන්ටත්. අපේ රටේ ආර්ථිකයට සුවිසාල දායකත්වයක් ලබා දෙන 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් සිද්ධ වෙනවා මේ දූෂිත ගල්අඟුරු ජාවාරමේ වන්දිය ගෙවන්න.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *