ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධව මේ මොහොතේ නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඒ පිළිබඳව ස්ථිර ප්‍රකාශයක් කළ හැකි බවයි.
“මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට සිදුවෙනවා. ඒකට පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පැහැදිලි කරාවි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සියලු ආකාරයේ විමර්ශන ආරම්භ කරලා තියෙනවා.
ප්‍රශ්නය – ඊයේ දිනයේදී වරෙන්තු නිකුත් කරපු වෙලාවේ අත්අඩංගුවට ගත්තා නම් මේක වෙන්නේ නැහැ නේද ?
පිළිතුර – පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද ඊයේ හවස තමයි පොලීසිය මේ පිළිබඳව දැනුවත්වෙලා තිබුණේ. පොලීසිය හිතන්නේ නැහැ රාත්‍රී කාලය වෙනකොට මෙහෙම වෙයි කියලා. පසුදා උදෑසන අත්ඩංගුවට ගන්න හිතාගෙන ඉන්න ඇති. පොලිස් අත්අඩංගුවේ ඉඳලා නිදහස් වූ කෙනෙක්. අධිකරණ නියෝගයක් තිබුණා. මේ පිළිබඳව පොලිස්පතිතුමාගෙන් විමසීමක් කරන්න. නමුත් මේ පිළිබඳව ස්ථිර මතයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ තමයි මේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට තියෙන්නේ.”







Leave a Reply