Loading...

කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවත නඩු

2012 වසරේ දී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නැවත වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ මාස 3ක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසි කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේයි.

රුපියල් මිලියන 100 තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණා.

එම එකඟතාව පරිදි නියමිත කාලය තුළ අදාළ මුදල් තැන්පත් කරමින් කොන්දේසිය සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් මෙලෙස නැවත වරක් මහාධිකරණය හමුවේ නීතිමය පියවර ගැනුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *