Loading...

අද මැදියම් රැයේ සිට රයිස් මිල ඉහළට

රයිස්, බුරියානි සහ නාසිගුරාන් යන ආහාරවල මිල ගණන් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 25කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර ලාෆ්ස් ගෑස් භාවිතයෙන් ආපනශාලා පවත්වාගෙන යන වෙළඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

එවැනි වෙළෙඳසැල් 25% 30%ත් අතර ප්‍රමාණයක් පවතින අතර ඔවුන්ට ලාෆ්ස් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයක් පත්ව ඇති බවද ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසනවා.

මේ අනුව ලාෆ්ස් භාවිතයෙන් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල්වල ප්ලේන් ටී එකක් රුපියල් 5කින් සහ කිරි තේ එකක් රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

මේ අතර කෙටි ආහාර වර්ග රුපියල් 5කින් ඉහළ නංවා ඇති වාර්තා වනවා.

බිත්තර රොටිවල සහ පරාටවලට මිල වැඩි වීමක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *