ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (06) දෙවන දිනටත් පහළ වැටී ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය නිමා කිරීම සඳහා සාම ගිවිසුමකට එළැඹීමට හැකි වනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයත් සමඟ මෙලෙස බොරතෙල් මිල පහළ වැටී ඇති බවයි.
මැදපෙරදිග කලාපයෙන් නැවත බාධාවකින් තොරව තෙල් සැපයුම ආරම්භ වනු ඇති බවට පවතින බලාපොරොත්තුව මීට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.52කින් (1.38%)කින් පහත වැටී ඩොලර් 108.35ක් ලෙස සටහන් වුණා.
අමෙරිකානු WTI බැරලයක මිල ඩොලර් 1.50කින් (1.47%)කින් පහත වැටී ඇති බව සඳහන්.
එහි නව මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 100.77කි.
ඊට අමතරව මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.97ක් ලෙසද වාර්තා වී තිබෙනවා.







Leave a Reply