විදෙස් ණය වාරිකයන් ලෙස ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව විවිධ පාර්ශව අදහස් දැක්වුවත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා ඊයේ (05) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළා.
මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධව තොරතුරු වාර්තා වීමෙන් පසුව අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු එම කළමනාකාරීත්වය විසින් අදාළ සිදුවීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු මෙහිදී පැවසුවා.
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත පැමිණිලි කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ද අනුමැතිය අනුව බවයි.
තවද මෙම සිදුවීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණ සිදුකරනුයේ සහ අමාත්‍යාංශ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත්තේ ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය සහිතව බවත් විමර්ශන සිදුකරන ආයතන වෙතද අමාත්‍යාංශ විසින් පැමිණිලි කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඔහු පාර්ලිමේන්තුවේදී හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවදියේදී හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවදියේදී ඔහු ද්විත්ව පුරවැසියෙකු නම් ඔබට ඔහුට එරෙහිව අධිකරණයට යන්නත් පුළුවන්. එම නිසා ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවෙයි. මම ඉතා වගකීමෙන් කියන්නේ ඔහු තනතුරු දරන කිසිම අවස්ථාවක ද්විත්ව පුරවැසියෙකු නොවෙයි.”







Leave a Reply