Loading...

මැතිවරණ නීති සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම හැර අනෙක් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා.

කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ සම්බන්ධව අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා.

මෙම විශේෂ කාරක සභාව වෙත පැවරී ඇති ප්‍රධාන වගකීම් වන්නේ පළාත් සභා ඡන්ද විමසීම් නීති හැර අනෙකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කිරීම, දාළ සමාලෝචනය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම, පවතින නීතිමය රාමුව වඩාත් විනිවිඳභාවයකින් යුතුව සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අභයරත්න මහතා පත් කර තිබෙනවා.

එහි අනෙක් සාමාජිකයින් ලෙස ආචාර්ය උපාලි පන්නිලගේ, මුනිර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, රවී කරුණානායක, ජේ. සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ශන්මුගම්, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ මයිල්වාගනම් තිගුදීස්වරන් චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් පත්කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *