ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් උපන්දින සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සමඟ ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධව වහාම වාර්තාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන්ට නියෝග කර ඇති බව සඳහන්.
එම වීඩියෝ දර්ශනවල පෙනී සිටින පුද්ගලයන් අතර ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු සමීපතමයෙකු සිටින බව හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.
එහි සිටින බොහෝ පිරිසක් මේ වන විට ඇප මත නිදහස්ව ගොස් ඇති බව සඳහන්.
මේ අතර ගාල්ල බන්ධනාගාරය තුළ ඊයේ (03) වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් දෙදෙනෙකු පලා යෑමට උත්සාහ කිරීමේ දී නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි.
මෙම පලා යාම වළක්වා ගැනීම පිණිස සිදු කළ වෙඩි තැබීමක් වුවත් මෙම වෙඩි තැබීමෙන් එක් සිරකරුවෙකුගේ උරහිස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව සඳහන්.
තුවාල ලැබූ එම සිරකරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවා.







Leave a Reply