Loading...

ඉරානයේ නව යෝජනා ගැන ට්‍රම්ප් අවුලෙන්

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව සම්බන්ධව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ සාම ගිවිසුමක් වෙත ළඟා වීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිඳා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බව ට්‍රම්ප් සඳහන් කර ඇති බවයි.

ඉරාන පාලනය විසින් පාකිස්තානය හරහා නව යොජනාවලියක් අමෙරිකාවට යොමු කළ බවද ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් එම යෝජනා පිළිබඳව කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්.

පාකිස්ථානයේ දී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ තමන් පාකිස්ථානයට සහ එහි නායකයින්ට දැඩි ගෞරවයක් දක්වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *