Loading...

හර්ෂණ සූරියප්පෙරුම COPF හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරලා නැහැ – නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල පිළිබඳව කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ හර්ෂණ සුරියප්පෙරුම මහතා අද (30) දිනයේ COPF හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වමින් ලිපියක් යොමු කර ඇති බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධව කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳව කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක් ගෙන තිබෙන පසුබිමක අදාළ ලිපිය මෙලෙස යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසන්නේ අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සිදු කිරීමට පෙර අදාළ සිදුවීම සම්බන්ධව භාණ්ඩාගාර ලේකම්වරයා COPF හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරනවා.

ඇය පෙන්වා දෙන්නේ එම නිසා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා COPF කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව ඔහු ඒ පිළිබඳව කරුණු දැක්වීම සඳහා පෙනී සිටින බවත්ය.

මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගෙන් කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *