ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
අද (28) සවස පැවැති විධායක කමිටු රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
2019 වසරේ දී ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට මුල් වරට තේරී පත් වුණා.
එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධූරයේ කටයුතු කරනු ලැබුවා.
ගෙවී ගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූණා.
එවැනි පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇති බව පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළ වුණා.
ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ වත්මනයේ දැඩි කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කළමනාකරුවෙක් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ ඉහළම පාර්ශ්ව හමුවී වත්මන් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි.







Leave a Reply