කොළඹ මැගසීන් බන්ධනාගාරයේ ආරවුලක් හේතුවෙන් රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් කොට්ඨාසය සඳහන් කළේ මැගසින් බන්ධනාගාරයේ ජේරල්වරයෙකු සහ නියාමකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු අතර ඊයේ (27) පෙරවරුවේ ආරවුලක් හටගෙන තිබුණා.
එහිදී ඔවුන් තිදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රොහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
මෙලෙස රෝහල් ගත කෙරුණු එක් රැඳවියෙකු පසුව මියගොස් ඇති බව වාර්තා වනවා.
මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 37 හැවිරිදි නවගම්පුර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා.








Leave a Reply