මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සම්පත් භාවිතා කර ආයෝජනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම අමාත්‍යාංශය පවසන්නේ අද (26) දිනයේ සිට ඒ සඳහා ආයෝජකයින්ට යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමට රජය තීරණය කරනු ලැබුවා.
මේ අනුව ගුවන්තොටුපොළේ සම්පත් භාවිත කරමින් එහි ආයෝජනය සිදු කිරීම සම්බන්ධ වන යෝජනා ඉදිරිපත් කිරීමට ආයෝජකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
ගුවන් මාර්ග මෙහෙයුම් සහ ගොඩබිම් මාර්ග මෙහෙයුම් වශයෙන් අදියර දෙකක් යටතේ මෙම ආයෝජන සඳහා යෝජනා කැඳවා ඇති බව වාර්තා වනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ අද (26) දින සිට දින 60ක කාලයක් ඒ සඳහා අවස්ථාව හිමිවන අතර ලැබෙන අයදුම්පත්වලට අනුව සුදුසු ආයෝජනයන් සිදුකිරීමට නියමිත බවයි.








Leave a Reply