Loading...

සාගරිකා පීලිපැනීම නිසා මුහුදු බඩ දුම්රිය ගමනාගමනය ගැන ගත් තීන්දුව

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වාද්දුවේ දී පිලී පැනීමට ලක් වීමට කාර්යාල දුම්රිය සේවා අවලංගු කිරීමකින් තොරව සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ අනුව පිලිපැනීමට ලක්වූ ප්‍රදේශය දක්වා දුම්රිය ගමන්කර එහි මඟීන්ව අදාළ ස්ථානයෙන් බස්සවා වෙනත් දුම්රියකින් ගමනාන්තය දක්වා රැගෙන යාමට තීරණය කර ඇති බව සඳහන්.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දුරගමන් බලා යන දුම්රියන් ධාවන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.

සාගරිකා දුම්රිය අද (24) උදෑසන වාද්දුව ප්‍රදේශයේදී පීලි පැනීමට ලක් වුණා.

මේ හේතුවෙන් මුහුදු දුම්රිය මාර්ගයේ මංතීරු දෙක අවහිර වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *