Loading...

හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා – මුදල් අමාත්‍යාංශ ලේකම්

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලෙන් හැකි ප්‍රමාණයක් නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම හැකර්වරුන් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිසි ඇති බවද ඔහු මෙහිදී පැවසුවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ අදාළ සිදුවීම පිළිබඳව ඕස්ට්‍රේලියානු තානාපතිවරයා සහ ණය හිමියා ද දැනුවත් කළ බවයි.

“ජනවාරි මාසයේදී අපිට දැනගන්නට ලැබුණු සයිබර් අපරාධකරුවන් පද්ධතියට ඇතුළු වෙන්න උත්සහා කරන බව. මේ ගැන තොරතුරු වාර්තා වුණාම, අදාළ විදේශ රටවල් සම්බන්ධ කරගෙන උත්සහා කරපු රටට හානියක් වෙන්න දුන්නේ නැහැ. ඒක විසඳුවා. අපිට අවශ්‍යතාවය තිබුණා, ජනවාරි මාසයේ එහෙම දෙයක් කරන්න හැඟුණාට මීට පෙරත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා තමයි පසුගිය ගෙවීම් ගැන හොයලා බලන්න අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කළා. ඒ අනුව කාලයක් ගත්තා. ඒ වෙලාවේදී තමයි පසුගිය ගෙවීමකට හැකර්වරුන්ගේ ක්‍රියාකාරීත්වය පසුගිය ජනවාරි මාසයෙත් සිදුවෙලා තිබුණා කියලා අනාවරණ වුණේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *