Loading...

ඩොලර් මිලියන 2.5ක සොරකම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හකර්වරුන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙක් ආයතන වෙත මේ වන විටත් පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

2026 ජනවාරි මස තුළදී විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබඳව හඳුනාගත් තොරතුරු මත මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීම සිදුකර ඇති බව සඳහන්.

තවද මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධව අභ්‍යන්තර මුලික පරීක්ෂණයක් ද සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්.

ඊට අමතරව නිලධාරීන් කිහිපදෙනෙකු පිළිබඳව ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වනවා.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය සහය දැක්වීම සහ අවශ්‍ය තොරතුරු ලබාදීම සිදුකර ඇති බව දැනුම් දෙනවා.

මේ වන විටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් එම කටයුතුවලට බාධාවක් නොවන අයුරින් මේ සම්බන්ධව යාවත්කාලීන තොරතුරු සුදුසු ඉදිරි අවස්ථාවක දී ලබාදීමට කටයුතු කරන බව සඳහන් වනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *