Loading...

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේ ඉරානය සමඟ සබඳතා දැක්වූ ඉන්ධන නැවක් අමෙරිකානු භාරයට

ශ්‍රී ලංකාව් මුහුදු සීමාවට ආසන්නයේ දී සිංගප්පුරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමඟ සබඳතා පැවැත්වූ බව සැක කරන ඉන්ධන නෞකාවක් ඊයේ (21) අමෙරිකානු භාරයට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.

තවද මැරීන් ට්‍රැෆික් හී දත්ත වාර්තා අනුව ටොන් ලක්ෂ 3කට ආසන්න ධාරිතාවක් ඇති බොරතෙල් නෞකාවක් බවද සඳහන් වනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාළ නෞකාවට එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇති බවයි.

මෙම නෞකාව ඉන්දියානු නැව් සමාගමකට සම්බන්ධ බවටද මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නෞකාව අප්‍රේල් 10 වන දින ගල්ෆ් කලාපයෙන් පිටව ගොස් අප්‍රේල් 18 වන දින මෙරට ගාලු වරායට ආසන්නව කෙටි කාලයක් නතර කර තිබූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *