Loading...

සාම පාගමන අත්තනගල්ල විහාරයට

ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් නුවර සිට ශ්‍රී ලංකාව දක්වා ක්‍රියාත්මක වන ‘සාම පාගමන’ මෙහෙයවන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අද (21) උදෑසන අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කරනු ලැබුවා.

එහිදී උන්වහන්සේලා අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ආගමික වතාවත්වල නිරත වූණා.

මේ අතර සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළා.

මෙම පාගමන වෙනුවෙන් ආලෝකා නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට පැමිණ තිබුණා.

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාම පාගමන වැඩසටහන අද සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද සමග මෙම පාගමනේ වැඩමවීමට නියමිත බව සඳහන්.

මෙම සාම පාගමන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් සහාය දක්වනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *