පාස්කු ප්රහාරය සිදුවී අදට වසර 7ක් ගත වනවා.
ඒ නිමිති කොට ගෙන දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්යක්ෂක ජූඩ් ක්රිෂාන්ත ප්රනාන්දු පියතුමා පැවසුවේ අද (21) පෙරවරුවේ සෑම දෙව් මැදුරකම ප්රහාරයේ වින්දිතයින් සැමරීම වෙනුවෙන් මෙම සැමරීම් සිදු කිරීමට නියමිත බවයි.
මේ අනුව මළවුන්ගේ සීනුව නාද කිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවය, ඉටි පන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම, යාඤා මෙහෙය සිදුකිරීම සෑම දෙව්මැදුරකම අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්රධානත්වයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙය පැවැත්වීමට නියමිතයි.
පොලීසිය පවසන්නේ එම දේවස්ථානය අවට විශේෂ රථවාහන සැලස්මක් ක්රියාත්මක කරන බවයි.







Leave a Reply