Loading...

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

රික්ටර් පරිමාණයේ ඒකක 7.4ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් වයඹ දිග ජපන් වෙරළ තීරයට ආසන්නයේ සිදුව තිබෙනවා.

භූමිකම්පාවක් සමඟ හිකයිඩෝ සහ ඉවාටේ පළාත්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

එරට කාලගුණ අංශය මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ භූමිකම්පාවේ අපකේන්ද්‍රය සැලකිල්ලට ගනිමිනි.

ජපන් කාලගුණ විද්‍යා බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය සන්රිකු වෙරළ තීරයට ඔබ්බෙන්, කිලෝ මීටර් 100 ක් දුරින් සහ කිලෝ මීටර් 10 ක් ගැඹුරින් පිහිටි බවයි.

මේ අතර ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකයිචි ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එහිදී ඇය ඉල්ලා ඇත්තේ සුනාමි අනතුරුවලින් බේරීමට උස් ස්ථානවලට යන ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *