Loading...

මුලතිව් මහ රෝහලේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරන ගණකාධිකාරිවරයෙකු සහ කළමනාකරණ සහකාරවරයෙකු රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ, ව්‍යාපාරිකයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. එම පැමිණිල්ල අනුව, රෝහලේ ඇඳ ඇඳිරිලි වස්ත්‍ර පිරිසිදු කිරීම සඳහා ලබාදුන් ටෙන්ඩරයට අදාළ ගෙවීමක් නිදහස් කිරීම සඳහා මෙම මුදල ඉල්ලා තිබූ බව අනාවරණය වී ඇත.

2026 අප්‍රේල් 18 වැනිදා පෙරවරු 11.05 සහ 11.10 අතර කාලයේදී, මුලතිව් මහ රෝහලේ ගිණුම් අංශය තුළදී සැකකරුවන් දෙදෙනා අල්ලස් ලබාගන්නා අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *