Loading...

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුස්ලිම් පාසල්වල පළමු වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ කරන බවයි.

පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 වනදා අවසන් වූ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 19 වනදා දක්වා නිවාඩු ලබාදී තිබුණා.

මේ අනුව අදින් ආරම්භ වන දෙවන පාසල් වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *