අලුත් ආවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් පමණක් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
පොලීසිය පවසන්නේ පසුගිය අප්‍රේල් මස 10 වන දින සිට 18 වන දින දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි.
ඊට අමතරව එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 53 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වනවා.
වැඩිම රිය අනතුරු ගණනක් අප්‍රේල් 10 සහ 13 යන දිනවලදී වාර්තා වී තිබෙනවා.
දියේ ගිලීම් නිසා සිදුවූ අනතුරුවලින් ද පුද්ගලයින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පෙර වසරවලට සාපේක්ෂව 2026 වසරේ අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් සිදුවූ මරණ ගණනේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.








Leave a Reply